Latest News

මුහුදේදී වාහන රැගත් නෞකාවක් ගිනි ගනියි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී වාහන රැගත් නෞකාවක් ගිනිගැනීමට ලක්ව තිබෙනවා.

මෙම නෞකාව මගින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ (Electric Vehicles) 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබෙනවා.

ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටුමගින් ඉන් ඉවත් වී තිබෙනවා.

එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන තිබුණා.

World News

Send your contact Details Today