Latest News

මිය ගිය බළලුන් 100 දෙනෙකුගේ සිරුරු නිවසකින් මතුවෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නිරිතදිග ජපානයේ සත්ව සුභසාධන කණ්ඩායමකට අයත් කාන්තාවකගේ අපිරිසිදු නිවසක තිබී මියගිය බළලුන් සිය දෙනෙකු පමණ සොයා ගෙන තිබෙනවා.

Animal Assist Senju නම් සත්ව සුභ සාධන කණ්ඩායම මේ සම්බන්ධයෙන් සමාව ගෙන තිබෙන්නේ අදාළ නිවස එම කණ්ඩායමේ සාමාජිකයකුගේ නිවසක් වීම හේතුවෙන්.

කුණු කසළ විසිරී ඇති නිවස මළ මූත්‍රාවලින් පිරී තිබූ බවද වාර්තාවල සඳහන්.

එම කණ්ඩායම පැවසුවේ නිවෙස් හිමිකාරිය සංවිධානයෙන් උපදෙස් නොගෙන අනවසරයෙන් මෙම බළලුන් තම භාරයේ තබාගෙන ඇති බවයි.

Animal Assist Senju කණ්ඩායම සිදු කරනු ලබන්නේ සත්ව නවාතැන් වලින් බළලුන් සහ බල්ලන් බේරාගෙන නව නිවාස වෙත මාරු කරන බවයි.

බළලුන් මිය යාමට පෙර කොතරම් වේදනාවක් අත්විඳිනවාද කියා සිතාගත හැකි පැවසූ සත්ව සුභ සාධන කණ්ඩායම කියා සිටියේ අදාළ කාන්තාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

කෙසේවෙතත් සෝදිසි මෙහෙයුම් අතරතුරදී ජීවතුන් අතර සිටි බලලුන් 12 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

World News

Send your contact Details Today