Latest News

අමෙරිකාවේ චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාව තම වැරදි වෙනත් පාර්ශ්වයන්ට භාර කරමින් සිදු කරන අසාධාරණ චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කරන බව චීන වාණිජ අමාත්‍යංශය පවසනවා.

චීන වාණිජ අමාත්‍යාංශ‍ය මේ බව ප්‍රකාශ කළේ අමරිකාවේ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

අමරිකාව ඒකපාර්ශ්විකව ආර්ථික හා වෙළඳ ගැටුම් නැවත නැවත ඇති කරමින් ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාව පිළිබඳ අවිනිශ්චිතභාවය සහ අස්ථාවරත්වය උග්‍ර කරන බව ද චීනය සඳහන් කළා.

තමන් වැරදි බව නොකතා හේතු රහිතව පොදු එකඟතාවන් උල්ලංඝනය කරන බවට චීනයට චෝදනා කිරීම ඉතා අසාධාරණ බවත් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් චීනය අවධාරණය කර සිටිනවා

අදාළ වැරදි වහාම නිවැරදි කර ගනිමින්, ජිනීවා හි ආර්ථික හා වෙළඳ සාකච්ඡාවල එළඹි එකඟතාව අනුව කටයුතු කරන ලෙසත් ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවයි චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කළේ.

World News

Send your contact Details Today