Latest News

MrBeast YouTube නාලිකාවෙන් නවතම වාර්තාවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පරිශීලකයින් මිලියන 400 පසු කළ පළමු YouTube චැනලය බවට, ජිමී ඩොනල්ඩ්සන්ගේ MrBeast YouTube චැනලය පත්ව තිබෙනවා.

එම පරිශීලකයන්ගේ සංඛ්‍යාව, ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනයට වඩා වැඩි සහ දැනට ජීවත්ව සිටින ඉංග්‍රීසි භාෂාව කතා කරන්නන් සංඛ්‍යාවට සමාන වනවා.

ජිමී ඩොනල්ඩ්සන් විසින් MrBeast YouTube චැනලය 2012 වසරේ දී ආරම්භ කළ අතර, ක්‍රීඩා වීඩියෝ පළ කරමින් සහ විවිධ අන්තර්ගත ආකෘති උත්සාහ කරමින් ඔහු එය පවතවාගෙන යනු ලැබුවා.

2017 වසරේ දී MrBeast YouTube චැනලය පරිශීලකයන් 100,000 සම්පූර්ණ කළ අතර, 2023 මුල් භාගයේදී, ජිමී ඩොනල්ඩ්සන් පැහැදිලි කළේ එවකට ඉහළම ස්ථානය දැරූ T-Series YouTube චැනලය අභිබවා යාමට තමන්ට අවශ්‍ය බවයි.

අද වන විට ජිමී ඩොනල්ඩ්සන්ගේ MrBeastYouTube චැනලයේ, YouTube මාධ්‍ය වේදිකාව තුළ දෙවන වැඩිම පරිශීලකයන් සංඛාවක් සිටින T-Series YouTube නාලිකාවට වඩා මිලියන 100කට වඩා වැඩි පරිශීලකයින් පිරිසක් සිටිනවා.

අවුරුදු 27ක් වන ජිමී ඩොනල්ඩ්සන් දැනටමත් ලාබාලතම YouTube බිලියනපතියා ලෙස කිරුළු පළඳා ඇති අතර, වටිනා සන්නාම අධිරාජ්‍යයක් ගොඩනඟාගෙන ඩිජිටල් යුගයේ නිර්මාණකරුවෙකු වීම යන්නෙහි තේරුම නැවත අර්ථ දක්වා ඇති පුද්ගලයෙක් වනවා.

World News

Send your contact Details Today