Latest News

ගුවන් සේවකයෙක්, ගුවන් ගමන අතරතුර නිරුවත් වෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ගුවන් සේවකයෙක් ගුවන් ගමන අතරතුර ව්‍යාපාරික ශ්‍රේණියේ නිරුවතින් නර්තනයේ යෙදෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 41ක් වූ ඔහු මගීන්ට ආහාර පිළිගැන්වීමට නොපැමිණි නිසා සිදුකළ සෝදිසි කිරීමකින් පසු නිරුවතින් වැසිකිළියක උඩ පනිමින් සිටියදී සොයාගත් බවයි වාර්තා වන්නේ.

පසුව ඔහුට වෙනත් ඇඳුම් ලබාදී පැය 10 ක ගුවන් ගමන අවසන් වන තෙක් බැඳ තැබූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර සිටියා.

ඒ වන විට ගුවන් යානය තුළ සේවකයන් සහ මගීන් 470ක් පමණ සිට ඇති අතර සේවකයන් කියා සිටියේ ඔහු මත් ද්‍රව්‍ය භාවිතාකර ඇති බවයි.

ගුවන් ගමන අවසානයේ ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගිය අතර ප්‍රතිකාර අවසානයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන අතර ගුවන් සේවකයාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today