දෙරට අතර වූ තීරුබදු ගිවිසුම, අමෙරිකාව විසින් දැඩි ලෙස උල්ලංඝනය කර තිබෙන බව චීනය පවසනවා.
කෙසේ වෙතත් සිය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි පියවර ගන්නා බවයි එරට වාණිජ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.
පසුගිය මාසයේ ජිනීවාහි පැවති සාකච්ඡා අතරතුරදී ආනයනය කරන ලද භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම සම්බන්ධයෙන් වූ ගිවිසුම මෙලෙස උල්ලංඝනය කර ඇති බවට චීනය චෝදනා එල්ලකර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම චීන ජනාධිපති ෂී ජින් පිං සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන ඇමතුමකදී ඇති කරගත් එකඟතා ද අමෙරිකාව විසින් දැඩි ලෙස උල්ලංඝනය කර ඇති බව එරට වාණිජ අමාත්‍යාංශය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.