Latest News

ගාසා තීරයේ මානුෂිය මෙහෙයුමක් කරන තැනකට ඊශ්‍රායලයෙන් අමානුෂික ප්‍රහාරයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන සාමාන්‍ය වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය යුද ටැංකි විසින් ගාසාවේ ආධාර බෙදාහරින මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

එම ප්‍රහාරයේනුයි මෙම සාමාන්‍ය වැසියන් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ප්‍රහාරයෙන් තවත් සාමාන්‍ය වැසියන් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව රතු කුරුස සංවිධානය පවසනවා.

කෙසේ වුවද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවයි ඊශ්‍රායලය ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

දෙපාර්ශ්වය අතර මාස දෙකක් පුරා පැවති සටන් විරාමය බිඳ වැටීමත් සමග පසුගිය මාර්තු 18 වනදා හමාස් සංවිධානයට එරෙහි යුද මෙහෙයුම් ඊශ්‍රායලය යළි ආරම්භ කළා.

World News

Send your contact Details Today