Latest News

චීනය ගැන රටවල් 04කින් ඒකාබද්ධ ප්‍රකාශයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ පවතින තත්ත්වය වෙනස් කිරීමට චීනය ගන්නා උත්සාහයන් පිළිබඳව ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය යන රටවල ආරක්ෂක අමාත්‍යවරු කණගාටුව පළ කර තිබෙනවා.

සිංගප්පූරුවේ පැවති රැස්වීමෙන් පසු නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක දී, ආරක්ෂක නායකයින් පැවසුවේ රටවල් හතර අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට අමාත්‍ය මට්ටමින් නිතිපතා රැස්වීම් කැඳවීමේ වැදගත්කම පිළිබඳව එකඟ වූ බවයි.

ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකාතානි, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් සහ පිලිපීන ජාතික ආරක්ෂක ලේකම් ගිල්බර්ටෝ ටියෝඩෝරෝ යන හතර දෙනා මේ අතර වනවා.

දකුණු චීන මුහුදේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ තොරතුරු බෙදා ගැනීමේ වැදගත්කම ද මෙහිදී ආරක්ෂක ප්‍රධානීන් තහවුරු කර තිබෙනවා.

අප්‍රේල් මාසයේදී දෙරට අතර පැවති සමුළුවකින් පසු ජපානය සහ පිලිපීනය අතර තොරතුරු ආරක්ෂණ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමද මෙහිදී ඇගයීමට ලක්ව තිබෙනවා.

පිලිපීනයේ සයිබර් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධව ආයෝජනය කිරීමට අමාත්‍යවරුන් 4 දෙනා එකග වී ඇති බවත් සදහන්.

චීනය නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ සිදු කරන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා බුද්ධි තොරතුරු රැස් කිරීම, නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් සඳහා වන සැලසුම් සොයා බැලීමට අමාත්‍යවරු මෙහිදී තීරණය කර තිබූ බවයි වාර්තා වල සදහන් වුණේ.

World News

Send your contact Details Today