Latest News

ඉන්දියාවේ කොවිඩ් රැල්ල නරක අතට – මරණ 04ක් සහ රෝගීන් 3,000 ඉක්මවයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ඉන්දියාවේ මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3,000 ඉක්මවා තිබෙනවා.

දිල්ලි, කර්ණාටක, කේරළ සහ උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් නැවත වේගයෙන් ව්‍යාප්ත වුවද, බොහෝ රෝගීන් මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් මහජනතාව කලබල විය යුතු නැති බවයි එරට රජය පවසන්නේ.

ඉන්දියාවේ කේරළ, කර්ණාටක සහ ගුජරාට් ඇතුළු විවිධ ප්‍රාන්තවල කොරෝනා පැතිරීම දැනට වැඩි වෙමින් පවතිනවා.

මැයි 22 වන දින 257 ක් වූ ඉන්දියාවේ ක්‍රියාකාරී කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මැයි 26 වන දින 1,010 දක්වා ඉහළ ගියා.

අද වන විට එය 3,395 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය පැය 24 තුළ නව කොවිඩ් රෝගීන් 685 ක් වාර්තා වුණා.

World News

Send your contact Details Today