Latest News

ශ්‍රී ලංකාවට ආනයනය කළ සියලු වාහන තොරතුරු ඇතුළත් App එකක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට ආනයනය කළ සියලු වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි Motor Vehicle Verification නමින් ඇප් එකක් හඳුන්වා දීමට කටයුතු කරන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසනවා.

විවිධාකාරයේ බදු පැහැර හැරීම් සඳහා මේ වනවිටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඒ මහතා පැවසුවා.

ඒ මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

“අප සතුව තොරතුරු ලබාදෙන ක්‍රමවේදයක් තිබෙනවා.මේ සම්බ්න්ධයෙන් මේ සතියේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා” යැයිද කී ඒ මහතා,  ලංකාවේ දී රථ වාහනයක් මිලදී ගන්නේ නම් නිවැරදිව නීත්‍යනුකූලව තීරු බදු ගෙවා මෙරටට ආනයනය කර තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් නිවෙසේ සිටම බලා ගැනීමට Motor Vehicle Verification App එකෙන් පාරිභෝගිකයන්ට හැකියාව ඇතැයි ද පැවසුවා.

World News

Send your contact Details Today