Latest News

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සිදුවීම: ට්‍රම්ප්ට ෆෙඩරල් අධිකරණයෙන් විශේෂ නියෝගයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විදෙස් සිසුන් ඉලක්ක කර ගනිමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලබාදුන් නියෝග අවහිර කිරීමට එරට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අවහිර කිරිමට ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගියදා කටයුතු කළා.

හාවර්ඩ් පරිපාලනය ඇමෙරිකා රජය සමග ඇති කර ගත් ගැටුම් කිහිපයක් හේතුවෙනුයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම පියවර ගෙන ඇත්තේ.

කෙසේ වුව ද ජනාධිපතිවරයා පැනවු නීති අවහිර කිරීමට මේ වන විට අධිකරණය කටයුතු කර තිබෙනවා.

ඊයේ මෙම නඩුව විභාග වන අවස්ථාවේ දී පවා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයක් පැවැත්වුණා.

අමෙරිකාවේ පැරණිතම හා ධනවත්ම විශ්වවිද්‍යාලයක් ලෙසයි හාවර්ඩ් විශ්වවිද්‍යාලය සැලකෙන්නේ.

World News

Send your contact Details Today