Latest News

දරුණු ලෙස පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය හමුවේ Booster එන්නත් ලබා ගන්නා ලෙසට ඉල්ලීමක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වන විට ඉතාමත් දරුණු ලෙස කොවිඩ් වෛරසය පැතිර යමින් තිබෙන බව ඔස්ට්‍රේලියාව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පුරා නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර ජනතාවට COVID-19 Booster එන්නත් ලබා ගන්නා ලෙසයි විශේෂඥයින් ඉල්ලා ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් රෝගීන්ගෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක්ද, බටහිර ඔස්ට්‍රේලියාවේ සහ New South Wales හි 25% ක් ද, Queensland වලින් 20% ක් පමණ රෝගීන් ප්‍රමාණයක්ද දැනට හදුනාගෙන තිබෙනවා.

නමුත් COVID රෝගීන් වාර්තා කිරීම තවදුරටත් අනිවාර්ය නොවන නිසා බොහෝ දුරට මෙම සංඛ්‍යාලේඛන ඉදිරියේදී ඉතා ඉක්මනින් වැඩි වන බවයි වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ.

පසුගිය මාස 12 තුළ ෆාමසියකින් හෝ වෛද්‍යවරයෙකුගෙන් booster එන්නත ලබා නොගත් සියලුම පුද්ගලින් නොමිලේ එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler අවධාරණය කර සිටියා.

මෙම නව ප්‍රභේදය ඉතාම ඉක්මනින් පැතිරෙමින් පවතින අතර, මේ වසරේදී පමණක් ඔස්ට්‍රේලියානුවන් 500ක් COVID හේතුවෙන් මියගොස් තිබෙනවා.

නව කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්ෂණ අනෙකුත් ප්‍රභේදවලට වඩා දරුණු බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද වෛද්‍ය Herrero ප්‍රකාශ කර සිටියා.

World News

Send your contact Details Today