Latest News

අමෙරිකා ෆෙඩරල් වෙළෙඳ අධිකරණයෙන් ට්‍රම්ප්ට ටොක්කක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනාධිපතිවරයාට ගෝලීය තීරුබදු පැනීවීමේ බලයක් නොමැති බවට එරට ෆෙඩරල් වෙළෙඳ අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ සඳහා බලය ඇත්තේ කොංග්‍රස් මණ්ඩලයට පමණක් බවත් මේ අනුව සියලු රටවලට පැන වූ තීරු බදු ඉවත් කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අනුව ධවල මන්දිරය මගින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් සෑම රටකටම පාහේ තීරු බදු පැනවීමට ජනාධිපතිවරයාට ඒක පාර්ශවික බලයක් ලබානොදෙන බවට ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය තීන්දු කර තිබෙනවා.

ගෝලීය තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය අධිකාරිය ඉක්මවා ගොස් ඇති බවට අමෙරිකා ෆෙඩරල් වෙළෙඳ අධිකරණය තීන්දු කිරීමත් සමග අමෙරිකා ජනාධිපතිගේ තීරු බදු ප්‍රතිපත්තිය අධිකරණය මගින් අවහිර කර තිබෙනවා.

නිව්යෝර්ක් නීතිපතිවරයා ද මෙම තීරණය පිළිගෙන තිබෙනවා.

මෙය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලට එල්ල වූ ප්‍රධාන පහරක් ලෙසයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එක්සත් ජනපද ෆෙඩරල් වෙළෙඳ අධිකරණය ඔහුගේ තීරුබදු අවහිර කිරීමත් සමග චීනය , මෙක්සිකෝව , කැනඩාව මත පනවනද ලද බදු ද අවහිර කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය අභියාචනයක් ඉදිරිපත් කරන බවයි ධවල මන්දිර ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් ප්‍රකාශයක් කර නැහැ.

මෙම අධිකරණ තීන්දුව ලොව පුරා රටවලට මහත් අස්වැසිල්ලක් වනු ඇති බවටයි ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ.

World News

Send your contact Details Today