අමරිකා එක්සත් ජනපදය විසින් චීනයේ නව කොවිඩ් ප්‍රභේදයක් ඇති බවට අනාවරණය කර තිබෙනවා.
COVID NB.1.8.1 ලෙසයි එය නම් කර ඇත්තේ.
මෙම රෝගීන් අප්‍රේල් 22 සිට මැයි 12 දක්වා කාලය තුළ චීනය, ජපානය, වියට්නාමය, දකුණු කොරියාව, තායිවානය, තායිලන්තය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල් නවයකින් අමරිකා එක්සත් ජනපදයට පැමිණ තිබෙන බවයි අනාවරණ වී ඇත්තේ.
හවායි, රෝඩ් අයිලන්ඩ් සහ ඔහියෝ යන ප්‍රදේශවල ද මෙම ප්‍රභේදය හදුනාගෙන ඇති බවයි වාර්තා වුණේ.
චීනයේ දත්ත පෙන්වා දෙන්නේ පසුගිය මාසය තුළ කොවිඩ් රෝගයෙන් පෙළෙන දරුණු ශ්වසන රෝගීන්ගේ අනුපාතය සියයට 3.3 සිට 6.3 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
කොවිඩ් සඳහා පරීක්‍ෂා කරන චීන හදිසි ප්‍රතිකාර රෝගීන්ගේ අනුපාතය සියයට 7.5 සිට 16.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හොංකොං හි රෝහල්ගතවීම් මාස 12 ක ඉහළම අගය වාර්තා කර තිබෙන අතර, එය නව ප්‍රභේදය මගින් මෙහෙයවනු ඇති බවටයි සැලකෙන්නේ.