Latest News

ගාසා තීරයේ මිනිස් ජිවිත ගැන දුක හිතෙන කතාවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය, ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊයේ දිනයේදී පමණක් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ දෛනිකව ජීවිතක්ෂයට පත්වන සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ.

මේ අතර පසුගිය දින කිහිපය තුලදී පමණක් ප්‍රමාණවත් ආහාර නොලැබීම හේතුවෙන් කුඩා දරුවන් හා වයස්ගත පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

තවත් දහස් ගණනක පිරිසක් සාගත තත්ත්වයකට මුහුණදීමේ අවදානමකින් පසුවන බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 61,700කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් එක්ලක්ෂ විසි දෙදහසකට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

World News

Send your contact Details Today