Latest News

පැතිර යන නව කොවිඩ් වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු කලාපයේ රටවල් තුළ පැතිර යන කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ අවදානමක් වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පැවසුවේ ඒ පිළිබඳව අනිසි බියක් කර ගත යුතු නොමැති බවයි.

කොවිඩ් වෛරසයේ නවතම උප ප්‍රබේදයක් ලෙස හඳුනාගෙන ඇති JN1 වෛරසය මේ වන විට ආසියානු කලාපයේ රටවල් රැසක සක්‍රීයව ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා.

පසුගිය මාස කිහිපය පුරා ආසියාවේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර මෙම නව ප්‍රබේදය වන JN1 වෛරසය හොංකොං, සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාවෙන්ද හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට මිනිසාගේ ප්‍රතිශක්තිය අඩු වීම මත මෙම JN1 වෛරසය ව්‍යප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි ලෝක සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ.

කෙසේ වෙතත් මෙම JN1 වෛරස් ප්‍රභේදය මාරාන්තික වෛරසයක් ලෙස මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

රෝගීන් වාර්තා වීම ඉහළ අගයක පැවතීම හමුවේ යළිත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

කොවිඩ් වෛරසයට පොදු රෝග ලක්ෂණ වන කැස්ස, හිසරදය, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, ගඳ සුවඳ හා රස නොදැනීම මෙම JN1 වෛරසයේද ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර ඇඟපත මලානික වීම, වමනය, අධික තෙහෙට්ටුව, මාංශපේශී වේදනාව, ආහාර අරුචිය යන රෝග ලක්ෂණද ඇතිවිය හැකියි.

මේ අතර අසල්වැසි ඉන්දියාවෙන්ද මෙම නව JN1 වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වන අතර මහරාෂ්ඨ ප්‍රාන්තයේ පමණක් රෝගීන් 257 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති අතර, මේ වනවිට එම ව්‍යාප්තිය යම් තරමකට පාලනය වී ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.

World News

Send your contact Details Today