Latest News

අයිස් කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශයට ලබන සතියේ අයිස් කුණාටුවකට මුහුණදීමට සිදුවනු ඇතැයි එරට කාලගුණ අංශ අනතුරු අගවනවා.

ඒ අනුව කඳුකර ප්‍රදේශවල තද සුළං, වැසි සහ හිම පතනයන් ඇති විය හැකි බවටයි අනාවැකි පළ වන්නේ.

මෙම කුණාටුවෙන් ටස්මේනියාව, වික්ටෝරියාව, දකුණු New South Wales , ACT සහ දකුණු ඔස්ට්‍රේලියාවට මින් දැඩි බලපෑම් එල්ල වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

මේ අතර වික්ටෝරියා සහ ටස්මේනියාවේ කඳුවැටි හා වෙරළ ප්‍රදේශවල 100 km/h ක පමණ සුළං වේගයක් වාර්තා විය හැකි බවයි කාලගුණ වාර්තා පවසන්නේ.

එමෙන්ම වික්ටෝරියා සහ New South Wales හි කඳුවැටි ප්‍රදේශ සඳහා ද තද හිම වැසි ඇතිවිය හැකි අතර කැන්බරා සහ ටස්මේනියාවට 50 cmක පමණ හිම පතිත විය හැකි අතර වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට 10 mm ක පමණ වැසි ද අපේක්ෂා කෙරෙන බවත් සඳහන්.

World News

Send your contact Details Today