Latest News

අමෙරිකාවට, චීනයෙන් අලුත් යෝජනාවක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” කෙරෙහි ලෝක වෙළඳ සංවිධාන සාමාජිකයින්ගේ සාමූහික යෝජනාවක් චීනය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පසුගියදා (20) ජිනීවා නුවර පැවති ලෝක වෙළෙඳ සංවිධානයේ 2025 වසරේ මහා මණ්ඩලයේ දෙවැනි රැස්වීමේදීයි.

“අන්‍යෝන්‍ය තීරුබදු”, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට බරපතල ලෙස අහිතකර බලපෑම් ඇති කරන බව චීනය එම රැස්වීමේදී ‍පවසා තිබෙනවා.

එබැවින් සාමාජික රටවල් නිවැරදි අන්තයේ සිටිමින් ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කරගන්නා බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කළ යුතු බවයි චීනය අවධාරණය කර ඇත්තේ.

කැළඹිලි සහිත වෙළඳ තත්ත්වයන්ට මුහුණ දීම ‍සඳහා “ස්ථාවරත්වයට හා සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රතිසංස්කරණ මාවතක ගමන් කිරීමේ” ක්‍රියාකාරී ප්‍රවේශය චීනය එම අවස්ථාවේදී ලෝක වෙළඳ සංවිධානයට යෝජනා කර තිබෙනවා.

එම යෝජනාවට පක්ෂව අදහස් දක්වමින් බ්‍රසීලය, රුසියාව, සහ පාකිස්ථානය ඇතුළු සාමාජික රටවල්, අමරිකාවේ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයන්ට එරෙහිව දැඩි කණස්සල්ල පළ කළ බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today