EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්රෝkපකරණසහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදාහරින්නා ලෙස රන් සම්මාන ලැබුවා.
Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්වුණා.
එහිදී කළමනාකරණ අධ්යරක්ෂසුරන්ජිත් කපිල මහතා වෙත සම්මානය පිරිනමන ලදී.කුරුණෑගල පිහිටි EKRO LankaTrading සමාගම පසුගිය දශකය තුළ උසස් තත්ත්වයේ අත් මෙවලම්, විදුලි මෙවලම්, යන්ත්රෝුපකරණ සහ උපාංග ආනයනය කරන හා බෙදාහරින සමාගමක් ලෙස විශ්වාසනීය නමක් දිනා තිබෙනවා.
එම සමාගම කෘෂිකර්ම, ඉදිකිරීම්, ආහාර නිෂ්පාදන වැනි කර්මාන්ත සහ ගෘහ අවශ්යනතා සඳහා අවශ්‍ය නිෂ්පාදන රැසක් චීනයෙන් සහ වියට්නාමයෙන් සෘජුව ආනයනය කරනවා.
ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන සහ සේවා පාරිභෝගිකයන්ට සැපැයීම පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන EKRO LankaTrading සමාගම සෑම නිෂ්පාදනයකම උසස් ප්රමමිතිය සහතික කරන අතර සියලුම මෙවලම් සහ යන්ත්‍රෝපකරණ සඳහා අලෙවියෙන් පසු සේවා සපයනවා.
ගොවීන්, කොන්ත්‍රාත්කරුවන් , අනෙකුත් කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය සියලුම මෙවලම් සහ යන්ත්‍රෝපකරණ එම ආයතනයෙන් මෙන්ම www.ekrolanka.comවෙබ් අඩවිය ඔස්සේද මිලදී ගත හැකියි.
පළපුරුදු කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන මෙවලම් සහ යන්ත්‍රෝපකරණ තෝරා ගැනීමට ඔවුන්ට සහාය වනවා.
ඒවා භාවිත කරන ආකාරය සහ භාවිතයේදී ඇති වන ගැටලු විසඳා ගන්නා ආකාරය පිළිබඳව ද ඔවුහු පාරිභෝගික ප්‍රජාව දැනුවත් කරනවා.
රට පුරා විහිදුණු බෙදාහැරීමේ ජාලයක් සහිත EKRO Lanka Trading සමාගම රට පුරා ජනතා විශ්වාසය දිනා සිටිනවා.
දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති එම සමාගම ඉදිරියේදී සිය නිෂ්පාදන පරාසය පුළුල් කිරීමට කටයුතු යොදා තිබෙන බව ද සඳහන්.