Latest News

ඇල්සයිමර් රෝගයට ප්‍රතිකාර කිරීමට අලුත් ඖෂධයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇල්සයිමර් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධයක් ලෙස Donanemab නමැති ඖෂධය අනුමත කර තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාවේ Therapeutic Goods Administration මඟින්.

සායනික අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ ඇල්සයිමර් රෝගයේ මුල් අවධියේදී Donanemab උපකාරී විය හැකි බවයි.

මෙම ඖෂධය උපරිම වශයෙන් මාස 18ක් දක්වා අභ්‍යන්තර එන්නත් කිරීමක් ලෙස ලබා දෙන අතර එමගින් රෝගය මන්දගාමී වී දිර්ඝ කාලයක් පුරා හොඳ ජීවන තත්ත්වයක් ලබා ගැනීමට මිනිසුන්ට ඉඩ සලසනවා.

ඒ අනුව Donanemab ලැයිස්තුගත කිරීම සඳහා අයදුම්පත් ජූලි මාසයේදී උපදේශක කමිටුව විසින් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මේ පිළිබඳව කටයුතු කරන පර්යේෂකයන් පවසා සිටියේ මෙය ඇල්සයිමර් සහ ඩිමෙන්ශියා රෝගීන්ට සුභදායී ප්‍රවෘත්තියක් වන බවයි.

ඇල්සයිමර් රෝගය යනු ස්නායු පරිහානීය රෝගයක් වන අතර එය සාමාන්‍යයෙන් සෙමින් ආරම්භ වී ක්‍රමයෙන් නරක අතට හැරෙයි.

ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 60-70% කට හේතුව එයයි.

වඩාත් සුලභ මුල් රෝග ලක්ෂණය වන්නේ මෑත සිදුවීම් මතක තබා ගැනීමේ අපහසුතාවයයි.

World News

Send your contact Details Today