Latest News

ට්‍රම්ප්ගෙන්, දකුණු අප්‍රිකා ජනපතිට ප්‍රබල චෝදනාවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන්ට හිංසා පීඩා එල්ල වන බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසාට පවසා  තිබෙනවා.

තර්ජනාත්මකව එම ප්‍රකාශය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දකුණු අප්‍රිකාවේ සුදු ජන සන්හාරයක් පිළිබඳ අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ සජීව ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයී.

එක්සත් ජනපදය හා දකුණු අප්‍රිකාව අතර සහයෝගීතාව වර්දනය කිරීම සඳහා පැවති මෙම හමුව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ මත භේද තවත් උග්‍ර අතට හැරුණු බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එක්සත් ජනපදය, අප්‍රිකානුවන් 60 දෙනෙකුට සරණාගතභාවය ලබාදි තිබුණා.

ඉන් සතියකට පසුවයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝෂා ධවල මන්දිරයේදී අමෙරිකා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට එක් වුණේ.

එසේම දකුණු අප්‍රිකා සුළු ජාතිකයන් 59 දෙනෙකු එක්සත් ජනපදයට පැමිණ දින කිහිපයකට පසුවයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට පෙර රමපෝෂා පැවසුවේ එක්සත් ජනපදය සමග වෙළද සබඳතා වර්ධනය කර ගැනීම තම ප්‍රමුඛ අරමුණ බවයි.

World News

Send your contact Details Today