ශ්‍රී ලංකාවේ නානකාමර උපාංග නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයා වන OTTO Bathware ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන Sri Lanka Standards (SLS)තත්ත්ව සහතිකය හිමි කර ගත්තා.
OTTOනානකාමර උපාංග ආරක්ෂාව, කල් පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය යන සෑම අංශයකින්ම පරිපූර්ණ බව ඒ තුළින් තහවුරු වනවා.
වසර 30ක නිෂ්පාදන අත්දැකීම් සහිත OTTO Bathware, ADI සමූහය (Art Decoration International පෞද්ගලික සමාගම (www.ottobathware.com) යටතේ ක්‍රියාත්මකයි.
ඔවුන්ගේ වර්ග අඩි 435,000කනවීන කර්මාන්තශාලාව බණ්ඩාරගම පිහිටා තිබෙනවා.
දකුණු ආසියාවේ විශාලතම සෙරමික් විසිතුරු නිෂ්පාදකයා සහ අපනයනකරු වන එම සමාගම මෙරට දෙවැනි විශාලම නානකාමර උපාංග නිෂ්පාදකයා වනවා.
දිවයින පුරා 500කට අධික පිරිසක් OTTOනානකාමර උපාංග අලෙවි කරනවා.
ඇතැම් නානකාමර උපාංග නිෂ්පාදකයන් පිරිවැය අඩු කිරීමට ඒවායේ බර, පිළිස්සීම අඩු කිරීම බරපතල ගැටළුවකි. එයින් නිෂ්පාදනවල ශක්තිමත්භාවයට සහ කල් පැවැත්මට බලපෑමක් වනවා.
උසස් තත්ත්වයේ නානකාමර උපාංග නිෂ්පාදනයට අත්යපවශ්යත සාධක දෙකක් වන්නේ අමුද්රතව්ය් සහ LPගෑස්ය.
1240Coක ඉහළ උෂ්ණත්වයක්නානකාමර උපාංග නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වනවා.
බරින් අඩු නිෂ්පාදන අඩු උෂ්ණත්ව යටතේ නිෂ්පාදනයතුළින් සියුම් ඉරිතැලීම් ඇති විය හැකියි.
කොමඩ්වල ජලය රැඳී තිබෙන බැවින්මෙම ඉරිතැලීම් තුළට ජලය කාන්දු වන අතර අවසානයේ ඒවා කැඩී යනවා.
එවැනි කැඩී යාමකදී තියුණු සෙරමික් කැබලි, රසදියLead (Pb) සහ කැඩ්මියම්Cadmium (Cd) වැනි හානිකර රසායනික ද්‍රව්‍ය නිසා බරපතල තුවාල සිදු විය හැකියි.
නානකාමර උපාංගවල බර දරාගැනීමේ ධාරිතාව, පීඩන ප්රැතිරෝධය, කාන්දුවීම්, ෆ්ලෂ් කිරීමේ ක්‍රියාකාරිත්වය, රසායනික ප්රිතිරෝධය සහ වෙනත් දෝෂ පිළිබඳව පුළුල් පරීක්ෂණකරමින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කැප වී සිටිනවා.
OTTO නානකාමර උපාංග අදාළ සියලුම පරීක්ෂණවලින් සමත් වී ඇති බැවින් SLSසහතිකය ලැබී තිබෙනවා.
මිල පිළිබඳව පමණක් නොසිතාප්රරමිතිය තහවුරු කළ, කල් පැවැත්මෙන් ඉහළ නිෂ්පාදන මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි OTTO සමාගමේ සභාපතිඑස්. එච්. බී. කරුණාරත්න මහතා පැවසුවේ.