Latest News

විනාශකාරී ඊශ්‍රායල සැළසුමක් ගැන අමෙරිකානු බුද්ධි අංශ හෙළි කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීමට ඊශ්‍රායලය සූදානම් වන බවට නවතම බුද්ධි තොරතුරුවලින් පෙනී යන බව අමෙරිකාව ප්‍රකාශ කර තිබෙන බව CNN පුවත් සේවය වාර්තා කරනවා.

එම බුද්ධි තොරතුරු නිකුත් වී ඇත්තේ න්‍යෂ්ටික අවි සම්බන්ධව මේ වන විට අමෙරිකාව සහ ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ වූ අවස්ථාවකදී බවත් CNN පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.

ඊශ්‍රායලයෙන් ඉරානයට එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් එය බෙන්ජමින් නෙතන්යාහු සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විරසකයකට හේතු වනු ඇතැයි ද වාර්තා වනවා.

එමෙන්ම එය මැදපෙරදිග පුළුල් කලාපීය ගැටුමකට තුඩු දිය හැකි අවදානමක් ද මතු කරනු ඇති බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

ඉරානයේ සන්නිවේදන ජාලය බිඳ දමමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක සිටින බවට බුද්ධි තොරතුරු, අමෙරිකානු රජයට ලැබී ඇත්තේ එරට හමුදා ක්‍රියාකාරකම් සහ හැසිරීම් සම්බන්ධව පුළුල් නිරීක්ෂණයක නිරතවූ බුද්ධි අංශ නියෝජිතයන්ගෙන් බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today