Latest News

ඕස්ට්‍රේලියාවේ නගර රැසක් හදිසියේම ගංවතුරෙන් යටවෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හදිසි ගංවතුර හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නගර රැසකට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (20) දිනයේදී ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් හට ගත්තා.

මේ හේතුවෙන් ඇතැම් නිවැසියන් තම නිවාසවල වහල මත සිරවී සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් හි හන්ටර් සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවල ග්‍රාමීය නගර, වර්ෂාවෙන් වඩාත් දරුණු ලෙස පීඩාවට පත් ව තිබෙනවා.

ගතවූ පැය 24 තුළ සමහර ප්‍රදේශවලට මාස හතරකින් ලැබෙන තරම් වර්ෂාවක් ලැබී තිබුණා.

සමහර ප්‍රදේශවලට මිලිමීටර් 300 දක්වා වර්ෂාපතනයක් ලැබිය හැකි බවටයි අනතුරු අඟවා තිබෙන්නේ.

World News

Send your contact Details Today