අමෙරිකාවේ අනවසරයෙන් රැඳී සිටින වෙනිසියුලා ජාතිකයින් පිටුවහල් කිරීම සඳහා එරට අධිකරණය ජනාධිපතිවරයාට අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පිටුවහල් කිරීම අත්හිටුවමින් සංක්‍රමිණිකයන්ට ලබාදී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමටයි අමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව අමෙරිකාව තුළ රැඳී සිටින 350,000ක් පමණ වන වෙනිසියුලා ජාතිකයින් එරටින් පිටුවහල් කිරීමට අවසර හිමිවන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
ට්‍රම්ප් දෙවන වරටත් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එරට තුළ අනවසරයෙන් රැඳී සිටින සංක්‍රමිණිකයින් පිටුවහල් කිරීම ආරම්භ කළා.
පසුව ඊට විරුද්ධව අධිකරණය ඉදිරියේ නඩු පැවරූ අතර පිටුවහල් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙසයි අධිකරණය නියෝග කළේ.
කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයත් සමග ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමිණික ප්‍රතිපත්ති ජයග්‍රහණය කර ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.