2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදු වූ මාරක රිය අනතුරු 944කින් පුද්ගලයින් 1,007 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ බව සඳහන් කළා.
මේ අතර රිය අනතුරු පාලනය කිරීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන්නන් සෙවීමේ මෙහෙයුම් ඇතුළු විවිධ මෙහෙයුම් පොලිසිය විසින් ක්‍රියාත්මක කරනවා.
ඒ අනුව, ජනවාරි (01) සිට මැයි මස (18) දක්වා කාලය තුළ බීමත් රියදුරන් 26,413ක් නීතිය හමුවට ඉදිරිපත් කොට තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.