Latest News

සති 10කට පසුව ගාසා තීරයේ ජනතාවට සහනයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සති 10ක අවහිර කිරීම් අවසන් කරමින් ගාසා තීරයට අවශ්‍ය මූලික ආහාර පමණක් ලබා දෙන බව ඊශ්‍රායලය පවසනවා.

සති 10ක් පුරා ගාසා භූමියට ලැබෙන මානුෂිය ආධාර අවහිර කිරීමට ඊශ්‍රායලය කටයුතු කළා.

මේ හේතුවෙන් ඇති විය හැකි සාගත තත්ත්වයක් වලක්වා ගැනීමට ගාසාවට අවශ්‍ය මූලික ආහාර ප්‍රමාණය පමණක් ලබා දෙන බව ඊශ්‍රායලය නිවේදනය කරනවා.

ඊශ්‍රායල අගමැති කාර්යාලය පැවසුවේ මෙම පියවර ගෙන ඇත්තේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ නිර්දේශය මත බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව ගාසා තීරය පුරා පුළුල් භූමි මෙහෙයුම් ආරම්භ කළ බව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එහෙත් අනෙකුත් ආහාර, ඉන්ධන හෝ ඖෂධ ගාසා තිරයට ඇතුළුවීම වැළැක්වීමටයි ඊශ්‍රායලය තවදුරටත් පියවර ගෙන ඇත්තේ.

ගාසා තීරයේ මිලියන 2.1 ක ජනගහනයක් වාසය කරනවා.

World News

Send your contact Details Today