Latest News

ළඟදීම චීන අමුත්තෙක් ශ්‍රී ලංකාවට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන වාණිජ කටයුතු අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

මෙම සංචාරය සඳහා ඔහු සමඟ චීනයේ සුප්‍රසිද්ධ සමාගම් 77 ක නියෝජිතයන් 115 දෙනෙකුද පැමිණීමට නියමිතයි.

ලංකා වාණිජ මණ්ඩලය, මැයි 30වනදා කොළඹ දී පැවැත්වීමට සූදානම් කර තිබෙන ව්‍යාපාරික සමුළුවකටද මෙම පිරිස සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර ව්‍යාපාරික සබදතා ශක්තිමත් කර ගැනීම සහ නව ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා හඳුනාගැනීම පිළිබඳව මෙම සංචාරයේ දී චීන නියෝජිතයන් අවධානය යොමු කරනු ලබනවා.

World News

Send your contact Details Today