ගාසා තීරයට එල්ල වු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 40 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ස්ථාන 9කට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ සති 10 තිස්සේ ගාසා තීරයට භාණ්ඩ රැගෙන යන සැපයුම් මාර්ග සඳහා ද අවසර නොදුන් තත්ත්වයකයි.
මේ අනුව දැඩි කුසගින්නේ පසුවන ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල වීම වඩාත් කණගාටුදායක තත්ත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ආහාර හා ඖෂධ නොමැති වීමෙන් මේ වන විට ගාසා තීරයේ විශාල පිරිසක් අන්තදුක්ඛිත තත්ත්වයට පත්ව සිටින බව වාර්තා වනවා.