Latest News

චීන – බ්‍රසීල ජනපතිවරුන් අතර හමුවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා අතර සාකච්ඡාවක් ඊයේ (13) බෙයිජිංහිදී පැවැත්වුණා.

චීන-බ්‍රසීල උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර චීන- බ්‍රසීල පොදු ඉරණමක් සහිත හවුලක පදනම තහවුරු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළා.

දෙරට එක්පාර්ශ්වවාදය ,ආරක්ෂණවාදය හා විවිධ බාධ කිරීම්වලට පැහැදිලිව විරෝධ පළ කළ යුතු බව එහි දී ප්‍රකාශ කෙරුණා.

බ්‍රසීලය චීනය සමග උපායමාර්ගික සහයෝගීතා තහවුරු කිරීමට කැමැත්තෙන් සිටින බව බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා එහිදී ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර කටයුතුවලදී චීනය සමග උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කර ගෝලීය දකුණේ පොදු අවශ්‍යතා පොදුවේ ආරක්ෂා කර ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමට බ්‍රසීලය කැමැත්තෙන් සිටින බවද බ්‍රසීල ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ඊට අමතරව යුක්‍රේන සම්බන්ධයෙන් ද දෙරටේ නායකයෝ එහිදී අදහස් හුවමාරු කර ගත් බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today