Latest News

චීන, ලතින් ඇමරිකා සහ කැරිබියන් සබඳතා ශක්තිමක් කිරීමට සමුළුවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන – ලතින් ඇමරිකා සහ කැරිබියන් රාජ්‍යයන්හි ප්‍රජා (CELAC) සංසදයේ සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුව අද (13) පෙරවරුවේ චීනයේ බෙයිජිංහිදී ආරම්භ වී තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවේ සමාරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළ බව සඳහන්.

වෙනස්වීම් සහිත වර්තමාන ලෝකයේ විවිධ අවදානම් මතු ව ඇති බවත්, එබැවින් ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කරමින් ගෝලීය සමෘද්ධිය ප්‍රවර්ධනය කළ හැක්කේ සමගිය හා සහයෝගය මගින් පමණක් බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සෑමවිටම ලතින් ඇමරිකාවේ හා කැරිබියන් රාජ්‍යයන් හි හොඳ මිත්‍රයෙකු හා හොඳ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බව ද එහිදී ෂී ජින් පිං මහතා සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today