Latest News

ඕස්ට්‍රේලියාව, අභ්‍යවකාශ හා නිෂ්පාදන ඉතිහාසයේ වාර්තාගත මොහොතකට සූදානම්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාව, අභ්‍යවකාශ හා නිෂ්පාදන ඉතිහාසයේ වාර්තාගත මොහොතකට සූදානම් වනවා.

ඒ Gilmour Space සිය පළමු Eris Rocket යානය බ්‍රහස්පතින්දා උදෑසන අභ්‍යවකාශයට යැවීමට වන සූදානමත් සමඟයි.

මෙය සාර්ථක වුවහොත්, ඕස්ට්‍රේලියාවේ දේශීයව නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද පළමු රොකට්ටුව කක්ෂ ගත කිරීම සනිටුහන් කරනු ඇති.

ඒ අනුව Complex Engineering Feat අත්කර ගත් ලොව 12 වන රට බවටද ඕස්ට්‍රේලියාව පත් වනවා.

Gilmour Space ප්‍රධාන විධායක නිලධාරී සහ සම-නිර්මාතෘ ඇඩම් ගිල්මෝර් පවසන්නේ එය ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමක් වැනි වනු ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ Australia’s Sovereign Space Capabilities සහ එලොන් මස්ක්ගේ SpaceX වැනි අමරිකානු දැවැන්තයන් සමඟ තරග කිරීම සඳහා ගිල්මෝර් සහ ඔහුගේ සහෝදර ජේම්ස් 2015 දී ගෝල්ඩ් කෝස්ට් හි මෙම සමාගම ආරම්භ කරනු ලැබුවා.

World News

Send your contact Details Today