අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග විශේෂ සංචාරයකට එක්වීමට සූදානම්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව අද (12) දිනයේදී ආරම්භ වීමට නියමිත මැද පෙරදිග සංචාරයේදී සෞදි අරාබිය / කටාර් රාජ්‍ය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල සංචාරය කිරීමට නියමිතයි.
කෙසේ වුවද අමෙරිකා ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර ඊශ්‍රායලයේ සංචාරයක නිරතවීමට සූදානමක් නොමැති බවද වාර්තා වනවා.
සංචාරය තුළදී දැවැන්ත ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් අමෙරිකාවේ වැඩි අවධානයක් යොමුවී ඇති බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
අමෙරිකා ජනාධිපතිවරයා දෙවන වරට ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු සහභාගී වන විශාලතම විදෙස් සංචාරය මෙය ලෙස හැඳින්විය හැකියි.