Latest News

පාකිස්තානය විසින් ඉන්දියාවට එරෙහිව හමුදා මෙහෙයුම් දැඩි කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානය විසින් ඉන්දියාවට එරෙහිව හමුදා මෙහෙයුම් දැඩි කර තිබෙනවා.

ඉන්දියාවෙන් ද පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක වලට පහර දුන්නා.

පසුගියදා ඉන්දීය හමුදාව පාකිස්තානයේ ගුවන් කඳවුරු තුනක් ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉන්දියාවේ හමුදා ස්ථාන ඉලක්ක කර මෙම ප්‍රහාරය සිදු කළ බව පාකිස්තාන හමුදාව ප්‍රකාශ කරනවා.

ඉන්දීය ගුවන් යානා වලින් මිසයිල ප්‍රහාර ඉල්ල කරන බවට පාකිස්තානය චෝදනා කරනවා.

මේ හේතුවෙන් අද අලුයම සිට දහවල් 12 පසුවන තුරු තම ගුවන් අවකාශය වසා දමන බවට පාකිස්තාන සිවිල් ගුවන් සේවය නිවේදනය කළා.

කාශ්මීරය හා පංජාබ් ප්‍රාන්තය පුරා පිපිරීම් හඩ සමග ගුවන් ප්‍රහාරක සයිරන් හඩ ඇසෙන බවත් ස්ථාන 26ක ඩ්‍රෝන යානා නිරීක්ෂණය කර ඇති බවත් ඉන්දීය හමුදාව වාර්තා කර තිබෙනවා.

පංජාබ් ප්‍රාන්තයේ ෆොරෝස්පූර් නගරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today