Latest News

උතුරු ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් – 16 දෙනෙකුට දිවි අහිමිවෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු ගාසා තීරයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මේ අතර ගාසා තීරයේ රෆාහි ගොඩනැගිල්ලක් පුපුරුවා හැරීමත් සමඟ ඊශ්‍රායල හමුදා භටයින් කිහිප දෙනෙකු මිය ගොස් හා තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තවත් ඊශ්‍රායල භටයන් රැසක් සිරවී සිටින බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයේහි මේ වන විටත් දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමේ දී ඊශ්‍රායල හමුදා දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවද වාර්තා වනවා.

World News

Send your contact Details Today