Latest News

අමෙරිකාවෙන්, පාකිස්තානය ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපදය විසින් ලාහෝර්හි සිටින තම පුරවැසියන්ගෙන් නගරයෙන් හෝ නවාතැන් වලින් ඉවත් වන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ දිනෙන් දින උත්සන්න වෙමින් ඇති ඉන්දු – පකිස්තාන අර්බුධය හමුවේයී.

නිවේදනයක් නිකුත් කරමින් ලාහෝර් හි එක්සත් ජනපද කොන්සල් ජනරාල් කාර්යාලය තහවුරු කළේ සියලුම කොන්සල් නිලධාරීන්ට ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගැනීමට නියෝග කර ඇති බවයි.

ඩ්‍රෝන් පිපිරීම්, බිම හෙළන ලද ඩ්‍රෝන යානා සහ ලාහෝර්හි සහ ඒ ආසන්නයේ ඇති විය හැකි ගුවන් අභ්‍යවකාශ ආක්‍රමණ පිළිබඳ වාර්තා හේතුවෙන්, ලාහෝර්හි එක්සත් ජනපද කොන්සල් ජනරාල් කාර්යාලය එහි සියලුම කොන්සල් නිලධාරීන් මෙලෙස ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇතැයි සඳහන්.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති නව උපදේශන මාලාවෙන් පකිස්තානයේ සිටින අමෙරිකානුවන්ට දන්වා සිටින්නේ දැක්වෙන්නේ ඉවත් වීමේ සැලසුම්, සංචාරක ලියකියවිලි යාවත්කාලීනව තබා ගැනීමට දේශීය මාධ්‍ය අධීක්ෂණය කරන ලෙසයි.

“ක්‍රියාකාරී ගැටුම් පවතින ප්‍රදේශයක සිටින එක්සත් ජනපද පුරවැසියන් ආරක්ෂිතව එසේ කළ හැකි නම් පිටව යා යුතුය. පිටවීම ආරක්ෂිත නොවේ නම්, ඔවුන් ආරක්ෂිතව නවාතැන් ගත යුතුය,” ලෙසයි පකිස්තානයේ අමෙරිකානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.

World News

Send your contact Details Today