Latest News

මුහුද යට ඇති, පුපුරා යාමට නියමිත ගිනි කන්දක් ගැන අනතුරු ඇඟවීමක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයෙන් සැතපුමක් පළල දිය යට ගිනි කන්දක් පුපුරා යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔරිගන් වෙරළට සැතපුම් සිය ගණනක් ඔබ්බෙන් උණුසුම් වෙමින් පවතින අතර එය මුහුද යට විශාල ගිනි කන්දක් පුපුරා යාමේ සලකුණු පෙන්නුම් කරන්නක් බවයි විද්‍යාඥාන් පවසන්නේ.

අක්ෂීය සී මවුන්ට් ලෙස හැඳින්වෙන මෙම ගිනි කන්ද සැතපුමක් පමණ ජලය යට පිහිටා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

මෙම ප්‍රදේශය දැවැන්ත භූකම්පන තහඩු දෙකක් නිරන්තරයෙන් වෙන්වන ප්‍රදේශයක් බවයි විද්‍යාඥයන් පවසන්නේ.

ගිනි කන්ද පුපුරා යාමේ දිනයක් විශ්චිත වශයෙන් කිව නොහැකි බව ද ඔවුන් පවසනවා.

2015 අප්‍රේල් මාසයේ දී මෙම ගිනි කන්ද අවසන් වරට පුපුරා ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

එහිදි ඉතා කුඩා භූකම්පන දසදහසක් පමණ නිරීක්ෂණය වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවර ද එවැනි තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

World News

Send your contact Details Today