Latest News

ඉන්දු – පකිස්තාන ගැටුම්වලින් ජාත්‍යන්තර ගුවන් ගමන්වලට බාධා

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින ගැටුම් හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමට ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් අවධානය යොමුකර තිබෙනවා.

දෙරට අතර ගැටුම් ගුවන් ගමන්වලට දැඩි බාධාවක් බවයි සමාගම් පෙන්වා දෙන්නේ.

නාවික දත්ත වලින් පෙනී ගොස් ඇත්තේ උතුරු ඉන්දියාව සහ දකුණු පාකිස්තානය අතර ගුවන් අවකාශය සම්පූර්ණයෙන්ම හිස්වී ඇති බවයි.

Malaysia Airlines , Batik Air, KLM සහ Singapore Airlines සමාගම් තම ගුවන් වාර වෙනස් කිරීමට හා අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

EVA Air සහ Korean Air සමාගම්වලට ද ඉන්දු පකිස්ථාන ගැටුම් හේතුවෙන් තම ගුවන් වාර දියත් කිරීමට බාධා එල්ල වී ඇති බවයි පෙන්වා දී ඇත්තේ.

World News

Send your contact Details Today