Latest News

Operation Sindoor: ඉන්දිය ප්‍රහාරවලින් පසුව පාකිස්තානයට සිදු වූ හානි ගැන තොරතුරු මෙන්න

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියානු මිසයිල ප්‍රහාරයෙන් පසුව මුසාෆ්ෆරබාද්හි පිහිටි ලෂ්කර් මූලස්ථානය දැඩි ලෙස හානියට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි මාධ්‍ය ආයතනය විසින් නිකුත් කළ වීඩියෝ පටවලින් විනාශ වූ ගොඩනැගිලි සහ සුන්බුන් දක්නට තිබු අතර ඉන්දියානු යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදුකළ ත්‍රිවිධ සේනා මෙහෙයුමක් ලෙසයි මෙය වාර්තා වන්නේ.

මෙලෙස 2025 මැයි 7 වන දින උදෑසන 1.44 ට, ප්‍රහාරය සිදුකර ඇත්තේ පාකිස්තානය සහ පාකිස්තාන අධීක්ෂණය යටතේ ඇති කාෂ්මීරයේ ත්‍රස්තවාදී ව්‍යුහයන් මුලික කරගෙන බවයි විදෙස් මාධ්‍ය පවසනේ.

මෙය සිවිල් පුද්ගලයන් 26 දෙනෙකු මියගිය 2025 අප්‍රේල් 22 දින පාල්ගාම්හි සිදු වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස සිදුකළ බව වාර්තා වනවා.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි, පාකිස්තානයට එරෙහි මෙහෙයුම පුරාම අධීක්ෂණය කරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

එමෙන්ම ඉන්දියාව, පාකිස්තානය සහ පාකිස්තාන අධීක්ෂණය යටතේ ඇති කාෂ්මීරයේ සිට සැලසුම් කරනු ලැබූ සහ නියෝජනය කරන ලද ත්‍රස්ත ප්‍රහාරවලට පිටුපස සිටින පදනම් ස්ථානවලට පහර දී ඇති අතර ‘ඔපරේෂන් සින්දූර්’ නමින් හැඳින්වූ මෙම පහරදීම්වලදී මුළුමනින්ම ස්ථාන 9 ක් ඉලක්ක කර සිදු කර තිබෙනවා.

World News

Send your contact Details Today