Latest News

පුටින්, පාකිස්තානයට එරෙහි වෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවේ පූර්ණ සහාය ඉන්දියාවට හිමිවන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෝදි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලබා දී පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු සඳහා රුසියාව,චීනය හෝ බටහිර රටවල් මැදිහත්විය යුතු බවට පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇති පසුබිමකයි පුටින් ජනාධිපතිවරයා මෝදි අමතා ඇත්තේ.

ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙළාදැක ඇති පුටින් ජනාධිපතිවරයා, ඉන්දියාවේ සංචාරයකට එක්වන ලෙස මෝදි අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබුණු ඇරයුම පිළිගෙන ඇති බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today