Latest News

තුන්වන වරටත් ජනාධිපති ධුරයට තරග කිරීම ගැන ට්‍ර්ම්ප්ගෙන් ප්‍රකාශයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යළිත් වරක් ජනාධිපති ධුරය සඳහා තරග වැදීමට තමන් අදහස් නොකරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු සපයමින් අමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ ජනාධිපති ධුරය සඳහා තුන්වන වරටත් තරග වැදීමට අදහස් නොකරන බවයි.

අමෙරිකා ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිධුරය එකම පුද්ගලයෙකුට දැරිය හැකි වන්නේ දෙවරක් පමණයි.

වසර 8ක හා වාර දෙකක ජනාධිපතිවරයෙක් ලෙස මාධ්‍ය සාකච්ඡාවේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා තමාව හඳුන්වාදුන්නා.

එය ඉතා වැදගත් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේ වුවද මීට පෙර තමා සිව්වරක් වුවද ජනාධිපති ධුරය දැරීමට සූදානම් බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today