දකුණු චීනයේ වියට්නාමයට ආසන්නව පිහිටි ගුවැන්ෂී ප්‍රාන්තයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුවූ භෝග වගාවෙන් එරට ආර්ථිකයට යුවෑන් මිලියන 210ක පාඩුවක් සිදුවී තිබෙන බව China Daily පුවත් සේවය වාර්තා කරනවා.
එම ප්‍රාන්තයට අප්‍රේල් මාසයක එවැනි උෂ්ණත්වයක් හටගෙන ඇත්තේ වසර 64කට පසුව බවයි එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ.
කෙසේවෙතත් දරුණු නියඟ තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා වාරිමාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආයෝජන ඉහළ දැමීම වැනි පියවර රැසක් ගෙන තිබෙන බව එරට ජලසම්පත් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා..
පසුගිය නොවැම්බරයේ සිට අපේක්ෂා කළ වර්ෂාපතනය පෙර වසරවලට වඩා 70% කින් පහළ වැටීම උෂ්ණත්වය ඉහළ යෑමට සහ නියඟ තත්ත්වයක් උද්ගත වීමට හේතු වී ඇති අතර, මේ වනවිට එම ප්‍රාන්තයේ හෙක්ටයාර් 51,300කට නියඟ තත්ත්වය බලපා තිබෙන බවයි වාර්තා වන්නේ.