Latest News

බොහෝ දෙනා නොසිතූ දෙයකට 100% ක තීරු බද්දක් පැනවීමට ට්‍රම්ප්ගෙන් නියෝග

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකා එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.

අමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ විදේශයන්හි නිෂ්පාදනය කරන ලද චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පැනවීමට තම නිලධාරීන්ට නියෝග කර ඇති බවයි.

ඔහුගේ මෙම තීරණය වෙළඳ යුද්ධය තවදුරටත් තීව්‍ර කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ට්‍රම්ප් පැවසුවේ එක්සත් ජනපදයේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් මිය යමින් ඇති බවයි.

“අපගේ චිත්‍රපට නිෂ්පාදකයින් සහ චිත්‍රාගාර එක්සත් ජනපදයෙන් ඈත් කිරීම සඳහා අනෙකුත් රටවල් සියලු ආකාරයේ දිරිගැන්වීම් ලබාදෙනවා. හොලිවුඩ් සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ තවත් බොහෝ ප්‍රදේශ විනාශ වෙමින් පවතිනවා. මෙය අනෙකුත් ජාතීන්ගේ සාමූහික උත්සාහයක් ඒක ජාතික ආරක්ෂක තර්ජනයක්.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.

World News

Send your contact Details Today