Latest News

ඉන්දු – පාකිස්තාන විරසකයට ක්‍රිකට් ක්‍රීඩකයන් මැදිවෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාව තුළ අවහිර කර තිබෙනවා.

එලෙස අවහිර කරනු ලැබූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ලැයිස්තුවට ඊයේ (2) දිනයේදී බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ වසීම් අක්‍රම්ගේගේ ගිණුම්ද ඇතුළත් කර තිබුණා.

ඒ අනුව මේ වනවිට ටෙස්ට් නායක ෂාන් මසූඩ්, වේග පන්දු යවන්නන් වන හසන් අලි සහ නසීම් ෂා, පිතිකරු ඉමාම්-උල්-හක්, තුන්ඉරියව් ක්‍රීඩක ෂදාබ් ඛාන්ගේ ගිණුම් අවහිර කර තිබෙනවා.

එමෙන්ම හිටපු පාකිස්තානු තරුවන ෂොයිබ් අක්තාර් සහ ෂාහිඩ් අෆ්රිඩිගේ ගිණුම්ද ඒ අතර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවද පාකිස්තානයේ හිටපු අගමැති මෙන්ම හිටපු නායක ඉම්රාන් ඛාන්ගේ ගිණුමට ඉන්දියාව තුළ ප්‍රවේශ විය නොහැකියි.

ඉන්දියාවේ සිට ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පිවිසීමට උත්සාහ කරන පරිශීලකයින්ට ‘ඉන්දියාව තුළ ගිණුමක් නොමැත’ යනුවෙන් දැක්වෙන බව වාර්තා වනවා.

World News

Send your contact Details Today