Latest News

ඔස්ට්‍රේලියානු මැතිවරණය අතරතුර වාර්තාවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය සඳහා ලොව පුරා සිටින ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 111 ක් විවෘත කර තිබුණා.

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ රටවල් 83 තුළ විදේශීය ඡන්ද මධ්‍යස්ථාන 111 ක් පිහිටුවීම වාර්තාගත වැඩිම ප්‍රමාණය බවයි.

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පවසන්නේ හැකි තරම් පිරිසකට රටින් පිටත සිට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීමට විශාල උත්සාහයක් ගෙන ඇති බවයි.

කොඩිඩ් 19 වසංගත තත්වයන් හමුවේ 2022 දී, විදේශීය මධ්‍යස්ථාන 19 ක පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තිබුණු අතර ඔස්ට්‍රේලියානුවන් 39,000 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

2023 ජනමත විචාරණයේ දී විදේශීය මධ්‍යස්ථාන 107 ක දී ඡන්ද 62,000 ක් ප්‍රකාශ වුණා.

මේ අතර ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ඔහුගේ මැතිවරණ කොට්ඨාශයේ වන Sydney හි දී ඡන්දය ප්‍රකාශ කළා.

එමෙන්ම Queensland, Brisbane හි දී විපක්ෂ නායක peter Dutton ද සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටත පැමිණි Dutton මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ තමා ජයග්‍රහණය ගැන විශ්වාසයෙන් සිටින බවයි.

World News

Send your contact Details Today