දෙමටගොඩ දුම්රිය අංගනයේ අතුරුදන් වී සිටි සේවකයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.
ඒ, එම අංගනය පරිශ්‍රයේ අනාරක්ෂිත ළිඳක තිබීයදීයී.
දුම්රිය අංගනයේ සේවය කළ කාර්මික ශිල්පියෙක් ඊයේ (05) අලුයම 1.30 පමණ සිට අතුරුදන්ව තිබූ අතර, එලෙස අතුරුදන් වී තිබුණේ මාතර පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සමග සේවයේ නියුතු සෙසු පිරිස කළ සෝදිසි කිරීමේදී ඔහුගේ බවට සැක කෙරෙන මුදල් පසුම්බියක්, ජංගම දුරකථනයක් සහ පාවහන් යුගලක් දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ළිඳක් ආසන්නයේ තිබී සොයා ගෙන තිබෙනවා.