නවසීලන්තයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ එරටට බලපා ඇති දැඩි සුළං සහිත කාලගුණ තත්ත්වය හමුවේයී.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට අගනුවර වන වෙලින්ටන්හි බොහෝ පාසල් වසා දැමීමට ද කටයුතු කර ඇති බවයි.
දශකයකට වැඩි කාලයක් තුළ වෙලින්ටන් නගරයට බලපෑ දරුණුතම සුළං තත්ත්වය මෙය වන අතර ඇතැම් ප්‍රදේශවලට මේ වන විට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙන බව සඳහන් වෙනවා.