Latest News

ඉන්දියානු ඩයස්පෝරාවෙන් ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ දී විරෝධතා රැලියක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජම්මු කාශ්මීරයේ පෙහෙල්ගාම් හි ත්‍රස්ත ප්‍රහාරයකින් 26 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව ඉන්දියානු ඩයස්පෝරාව ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ දී විරෝධතා රැලියක් සංවිධාන කර තිබුණා.

ඉන්දියානුවන් 300ක පමණ පිරිසක් ඊට එක්ව සිටියා.

මධ්‍යම දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටට එක් රැස් වූ පිරිස විරෝධතා පෙළපාලියක නිරත වුණේ වින්දිතයන්ගේ පවුල්වලට සිය සහයෝගීතාව ප්‍රකාශ කිරීම සඳහා යි.

පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්ත සංවිධානයට එරෙහි පුවරු ඔවුන් අත තිබුණා.

විරෝධතාකරුවන් පාකිස්තානයට එරෙහිව ද සටන් පාඨ කියමින් හඬ නැගූ බව මාධ්‍ය වාර්තා කළා.

මේ අතර බර්ලිනයේ ශ්‍රී ගනේෂ කේවිලේ දී මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් විශේෂ පූජාවක් ද පැවැත්වුණා.

World News

Send your contact Details Today