Latest News

ලන්ඩන් නුවර පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව පාකිස්තාන ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කරනවා.

මහකොමසාරිස් ගොඩනැඟිල්ලෙන් පිටත පසුගියදා ඉන්දීය ජාතිකයන් විශාල පිරිසක් විරෝධතාවක නිරත වීමෙන් පසු එම ප්‍රහාරය සිදුවී තිබෙන බවයි ට්‍රිබියුන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ.

එම ගොඩනැඟිල්ලට ගල්මුල්වලින් පහරදී කවුළුවල වීදුරු කඩා බිඳ දමා ඇතැයි ද, එහි සමරු ඵලකයට හානි සිදු කර ඇතැයි ද ට්‍රිබියුන් පුවත් සේවය සඳහන් කළා.

මේ ප්‍රහාරයෙන් පසු මහකොමසාරිස් කාර්යාලය අවට ආරක්ෂාව තර කිරීමට ලන්ඩන් පොලිසිය පියවර ගෙන ඇති බවත්, ඊට සම්බන්ධ බවට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

ප්‍රහාරය පිළිබඳ ලන්ඩන් පොලිසිය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

World News

Send your contact Details Today