Latest News

පහල්ගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය: පාකිස්ථාන රජයේ සුවිශේෂී තීරණයක් කියයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජම්මු කාෂ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස පාකිස්ථාන රජය සහ බුද්ධි අංශ සිටින බවට ඉන්දියාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බව පාකිස්ථාන රජය පවසනවා.

පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

එලෙස ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකරනවා නම් ඊට පකිස්ථාන රජයේ සම්පූර්ණ සහාය ලබාදෙන බවයි ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මේ අතර මෙම ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිව තිබෙන මතභේදත්මක තත්ත්වය උපරිම සංයමයකින් විසඳා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබෙනවා.

එම සංවිධානය දෙරටෙන්ම ඉල්ලා ඇත්තේ ගැටුම් තවත් උග්‍ර නොවීමට වගබලා ගන්නා ලෙසයි.

එමෙන්ම ඕනෑම ගැටලුවක් අන්‍යෝන්‍ය මැදිහත්වීමක් හරහා සාමකාමීව විසඳා ගැනීම කළ හැකි බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙරටටම අවධාරණය කර දී තිබෙනවා.

World News

Send your contact Details Today